ඌවේ නව ආණ්ඩුකාරවරයා වැඩ භාරගැනීම
ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බී. රැකව මහතා එම ධුරයේ වැඩ බාරගැනීම අද (17)දින ඌව ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදුවිය.
ඌව හිටපු ආණ්ඩුකාරවර එම්.පී ජයසිංහ මහතා උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මාරුවී යාමත් සමග ඇතිවු පුරප්පාඩුවේ වැඩබැලීමට ජනපතිතුමන් විසින් පී.බී දිසානායක මහතා පත්කල අතර ඉන් අනතුරුව ජනපතිතුමන් විසින් පසුගියදා
ආරිය බී. රැකව මහතා ඌවේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන ලදී.
බදුල්ල ආණ්ඩුකාරවර කාර්යාලයේ පැවති උත්සවයට ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක, පළාත් කෘෂිකර්ම අමාත්‍ය උපාලි සමරවීර, විපක්ෂ නායක ර.මු රත්නායක ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට පැමිණ සිටියාය.