නව ආණ්ඩුකාරවරයා සර්ව ආගමික ආශිර්වාද ලබා ගනී
ඌව පළාතේ නව ආණ්ඩුකාරවර ජේ.එම් කපිල ජයසේකර මහතා සිය ධුරයේ වැ ඩ බාරගැනීමෙන් අනතුරුව බදුල්ලේ සර්ව ආගමික ස්ථාන වලට ගොස් ආශිර්වාද ලබාගැනීම ප්‍රථම රාජකාරිය විය.
මුතියංගන රා ජමහා විහාරය, බදුල්ල ජුම්මා ප්‍රධාන මුස්ලිම් පල්ලිය, බදුල්ල නගරයේ හෙට්ටි දේවාලය, අගරදගුරු නිල නිවාසය ඇතුළු ස්ථාන වලට ගොස් ආගමික නායකයින් හමුවේ ආශිර්වාද ලබා ගැනීම සිදුවිය.
එම ආගමික නායකයින් හමුවේ ආණ්ඩුකාරවරයා කියා සිටියේ…..
ඌවේ ආණ්ඩුකාරවරයා විදිහට මම කටයුතු කරන්නේ එක් කණ්ඩායමක් හා එක් පක්ෂයක් වෙනුවෙන් නොවෙයි. මම කටයුතු කරන්නේ ඌව පළාතේම ජනතාව වෙනුවෙන්.
මට මේ තනතුර ලැබුනේ මේ රටේ ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි තැබු විශ්වාසය නිසායි, එම නිසා මේ තනතුර මාගේ තනතුරක් නෙවෙයි. මෙය ඔබට සේවය කරන තනතුරක් වන බවත්
අපි සැවොම එක්ව වැඩ කරමු.







