ඌවේ නව ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මම්පිල
ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස පත්වීම් ලැබ පැමිණි මහේෂ් ලසන්ත ගම්මම්පිල මහතා සිය තනතුරේ වැඩ බාරගැනීම 10 දින උදේ සිදුවිය.
ඌව පළාතේ දියතලාවේ උපත ලද මහේෂ් ලසන්ත ගම්මම්පිල මහතා ගුරු වෘත්තියෙන් රාජකාරි ජිවිතය ආරම්භ කර දිවයිනේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන රැසක ප්‍රධාන තනතුරු රැසක් දරා ඇති විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකුවේ.
1973.01.18 දින උපත ලද මහේෂ් ලසන්ත ගම්මම්පිල මහතා ඇල්ලගම මහා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහල, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සදහා කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ප්‍රථම උපාධිය ලෙස ජීව විද්‍යාව දෙවන පෙළ ගෞරව උපාධිය ලබාගෙන පසුව එම විශ්ව විද්‍යාලයෙන්ම ආර්ථික විද්‍යාව පිළිබදව පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ. කොළඹ විශ්ව විද්‍යාලයෙන් සාමය හා ගැටුම් අධ්‍යනය පිළිබදව පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ.
රාජ්‍ය සේවයට පිවිසෙන මහේෂ් ලසන්ත ගම්මම්පිල මහතා පලමු පත්වීම ලෙස විද්‍ය ගණිත අභ්‍යාසලාභී ගුරු 1992.10.01- 1993.06.01 බ/වෙලන්විට විද්‍යාලය, හල්දුම්මුල්ල බ/ හීවැල්කදුර විද්‍යලය 1993.06 .01- 2000.02.14 දින දක්වා සේවය කර තිබේ. පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට 2000.02.15 සිට ඇතුලත් වු ඒ මහතා ලේකම් බණ්ඩාරවෙල නගර සභාව, සහකාර ප්‍රාදේශීය ලේකම් රිදීමාලියද්ද, සහකාර ප්‍රාදේශිය ලේකම් වැල්ලවාය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ග්‍රාමීය නායකයන් පුහුණු කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඇඹිලිපිටිය, ප්‍රාදේශීය අධ්‍යක්ෂ ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (CWSSP) හම්බන්තොට දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් තිස්සමහාරාම, නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය අධ්‍යක්ෂ ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය(CWSSP), ගම්පහ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් මිනුවන්ගොඩ, අධ්‍යක්ෂ ගැටුම්වලින් බලපෑමට ලක් වූ කලාපීය නැගීම සදහා වූ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය( CAREP) ( රාජ්‍ය පරිපාලන ඉදිකිරීම්),ජේෂ්ඨ සහකාර ලේකම් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය, ජේෂ්ඨ සහකාර ලේකම් අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යක්ෂක ජනරාල් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජේෂ්ඨ සහකාර ලේකම් පරිසර අමාත්‍යංශය, ජේෂ්ඨ සහකාර ලේකම් විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යක්ෂ ජාතික පොහොර ලේකම් කාර්යාලය, අතිරේක ලේකම් කෘෂිකර්ම අමාත්‍යංශය, අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, අතිරේක ලේකම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, අතිරේක ලේකම් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ සේවය කර තිබේ. ගම්මම්පිල මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වත්මන් සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරනු ලබයි.
පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිදුවු වැඩ බාරගැනීමේ අවස්ථාවට පලාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු නිළධාරින් සේවකයින් විශාල පිරිසක් පැමිණ සිටියහ.







