බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවට අලුතින් උප කාර්යාලයක්

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප කාර්යාල ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 14දින සිදුවිය. මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 250 ක මුදලක් වැය කර තිබේ. බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාව මෙතෙක් කාලයක් කුඩා ගොඩනැගිල්ලක අඩුපාඩුකම් රැසක් මත පවත්වාගෙන ගිය අතර මෙම නව ගොඩනැගිල්ල  නවීන අයුරින් සියඵ උපකරන සහිතව ලැබීමත් සමග ප්‍රදේශයේ ජනතාවට සිදුකරන සේවාවන් කාර්යක්ෂමව කිරීම සදහා අවස්ථාව උදාවී ඇත. ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සතිපොලක්ද අලුතින් ආරම්භ කෙරිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *