ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් සිය තනතුරේ වැඩ බාරගැනීම
ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස පත්වු අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සිය තනතුරේ වැඩ බාරගැනීම 04 දින උදේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිදුවිය,
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියක වන අනුෂා ගොකුල මහත්මිය බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන, සංස්කෘතික හා කළා කටයුතු,ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සේවය කරමින් සිටියදි ඌවේ ප්‍රධාන ලේකම් තනතුරට පසුගියදා පත්විය,
මානව ප්‍රේමීය ජන සමාජයක් උදෙසා “ඌව එකට” සංකල්පය පෙරදැරි කරගෙන ගරු ආණ්ඩුකාරතුමා ප්‍රමුඛ සියලු නිළධාරින්ගේ සහයෝගය සංවිධාන ශක්තිය කැපවීම සමග අන් සියලු පළාත් වලට ආදර්ශයක් වෙමින් විශ්ෂ්ඨතම ජනතා හිතවාදි පරිපාලනයක් ගොඩ නගිමින් ඓතිහාසික ඌව වෙල්ලස්ස ගොඩ නැගීමට සිය උපරිම දායකත්වය ලබාදෙන බව ඇය නිළධාරින් හමුවේ ප්‍රකාශ කරන ලදි,
1970 මාර්තු 12 දින උපත ලද අනුෂා ගෝකුල මහත්මිය 2000 වසරේදි ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව මේ දක්වා රජයේ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන රැසක ප්‍රධාන තනතුරු රැසක් දරා තිබේන පරිණත කළමණාකරන වේදිනියකි, ඇය මාධ්‍යවේදිනියක,නිදහස් ලේඛකයෙකු, උපදේශකයෙකු, කථිකාචාර්යවරියක, සම්පත්දායකවරියක සහ විවිධ විෂය ක්ෂේත්‍රයන්හි මනා දැනුමකින් කටයුතු කරමින් ග්‍රන්ථ 45 කට වැඩි ගණනක කතෘවරියකවේ,රාජ්‍ය සේවය තුළ ඇය අධ්‍යක්ෂ ජනරාල් මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව, අතිරේක ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ,සමාජ සේවා අධ්‍යක්ෂ,ග්‍රාම සංවර්ධන හා පුහුණු පර්යේෂණ ආයතනය නියෝජ්‍ය අධ්‍යක්ෂ,ග්‍රාම සංවර්ධන අභ්‍යස හා පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ,සභාපති ජාතික චිත්‍රපට සංස්ථාව,අතිරේක ලේකම්,ධීවර අමාත්‍යාංශය ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභාව, ආදි විවිධ ආයතන වල ප්‍රධාන තනතුරු රාශියක් දරමින් කටයුතු කර තිබේ,
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඇතුලු අධ්‍යාපනික ආයතන රැසකින් විශේෂ උපාධි,ඩිප්ලෝමා ශාස්ත්‍රීය සුදුසුකම් ලබාගෙන තිබෙන අතර ලෝකයේ රටවල් කිහිපයක තිබෙන විශ්ව විද්‍යාල වලින් විෂය ක්ෂත්‍ර කිහිපයකට සම්බන්ද විශේෂ පුහුණු හා පළපුරුද්දක් ලබා තිබෙන ඇය ලෝකයේ රටවල් තිහකට වැඩි ප්‍රමාණයක දේශකවරියක් සහ පුහුණු උපදේශිකාවක් ලෙස සම්පත් දායකත්වය ලබාදි ඇත, කලා ක්ෂත්‍රයට සම්බන්ධව සරසඳ, මහපොළොව,වයඹ උදානය,පොලොව තේමා ආදිය ගීත ගණනාවක් රචනා කොට ඇති ඇය “වනිතා අභිමානී” සමිමාන උළෙලේ පුරියේ සභාපති,”රාජ්‍ය සේවාභිමානී” “SIGNIS” (OCIC) ,ටෙලි සම්මාන උළෙල, “සුමති” ටෙලි සම්මාන උළෙළ ආදි දෙස් විදෙස් සම්මාන උලෙළ වල ජුරි සභිකයෙකු ලෙස හා ලලිත කලා පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක ලෙස විශ්වවිද්‍යාල කිහිපයක සේවය කර ඇති ඇය දොරමඩලාව, සොඳුරු කැදැල්ල වැනි රුපවාහිනි වැඩ සටහන් වල ප්‍රවීන සම්පත්දායිකාවක් ලෙස සිය දායකත්වය පසුගිය කාලය පුරාම ලබාදි තිබේ,













