ඌව පළාතට අභ්‍යන්තර කටයුතු හා විමර්ශන ඒකකයක්
ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා ආයතන වල සේවය කරන සියලු නිළධාරින් ඇතුළු සේවකයින්ගේ විනිවිධභාවය, සුපිලිපන්න බව, වගවීම, පුරවැසියන්ට කාර්යක්ෂමතා හා ඵලදායි සේවයක් ලබාදීමත් අල්ලසෙන් දුෂණයෙන් තොර සුපිලිපන්න ඌවක් කරා යාමට පළාත් අභ්‍යන්තර කටයුතු හා විමර්ශන ඒකකයක් ආරම්භ කිරීම අද (09) දින සිදුවිය.
ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතාගේ අධික්ෂණය හා ප්‍රධානත්වය යටතේ පිහිට වු මෙම අභ්‍යන්තර කටයුතු හා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ඩබ්ලිව්. රන්දෙනිය මහතා පත්කර ඇති අතර පළාත් සභාවේ අමාත්‍යාංශ හා ආයතන මට්ටමින් නිළධාරින් පිරිසක් මෙම ආයතනයට අනුයුත්ත කර තිබේ.
මෙම අභ්‍යන්තර කටයුතු හා විමර්ශන ඒකකයක් ආරම්භ කිරීම සමගාමීව අල්ලස් හා දුෂණයෙන් තොර සුපිලිපන්න ඌවක් කරා යන ගමනේදි පළාතේ ආයතන ප්‍රධානින් ඇතුළු නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විය.















