බාලදක්ෂයින් විසින් බදුල්ල හා ඔහිය අතර දුම්රිය ස්ථාන පවිත්‍ර කෙරේ
රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ සටහනට සමගාමීව බදුල්ල සිට ඔහිය දක්වා තිබෙන දුම්රිය නැවතුම්පොළවල් 12ක් පවිත්‍ර කිරිමේ වැඩ සටහනක් පාසල් බාලදක්ෂයින් 2000කගේ සහභාගිත්වයෙන් පසුගිය 22 දිනය පුරා සිදුවිය.
බාලදක්ෂ නිර්මාතෘ රොබඩ් ස්මිත් බේඩින් පාවුල් තුමන්ගේ 168 වන ජන්ම දිනය වෙනුවෙන් පාසල් බාලදක්ෂ සිසු සිසුවියන් දෙදෙහසක් පමණ දෙනා විසින් දුම්රිය ස්ථාන හා අවට පරිසරය පවිත්‍ර කිරිම මෙහිදි සිදු කළාය.
බදුල්ල, හාලිඇළ, උඩුවර, දෙමෝදර, ඇල්ල, කිතල්ඇල්ල, හීල්ඔය, බණ්ඩාරවෙළ, දියතලාව, හපුතලේ, ඉදල්ගස්හින්න, ඔහිය යන දුම්රිය ස්ථාන හා ඒ අවට තිබෙන පාසල් දරුවන්ගේ සහභාගිත්වයෙන් පවිත්‍ර කිරීම සිදුකෙරිණ.
බදුල්ල දුම්රිය ස්ථානය හා ඒ අවට පරිසරය පවිත්‍ර කිරීමට බදුල්ල නගරය අවට සියලුම පාසල්වල බාලදක්ෂ දරුවන් එක්වු අතර බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානය පවිත්‍ර කිරීමේ වැඩ සටහන ඌව ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට දිසා බාලදක්ෂ කොමසාරිස් ඩබ්ලිව්.ඩී.ආර්.ජේ. මහින්දරත්න සමග දුම්රිය ස්ථානාධිපතිවරුන් එක්විය.








