බණ්ඩාරවෙල මහජන පුස්තකාලයට ඉන්දියානු තොරතුරු සම්පත් පියසක්

බණ්ඩාරවෙල මහ නගර සභාවට අයත් මහජන පුස්තකාල පරිශ්‍රයේදී ‘India Corner’ ඉන්දියානු තොරතුරු සම්පත් පියස විවෘත කිරීමේ උත්සවය 15 දින පස්වරුවේ සිදුවිය.

ලෝකය සමඟ දැනුම බෙදා ගැනීමේ ඉන්දියානු ජාතික වැඩසටහන යටතේ සහ දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම අරමුණින්, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතිරා.එස් (Dr. Athira S) මහත්මියගේ ආරාධනයෙන් මෙම ඉන්දියානු තොරතුරු සම්පත් පියස විවෘත කරනු ලැබිය.

ඉන්දියානු කලාව, සංස්කෘතිය, ආගම, දර්ශනය සහ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ලබා දෙන වටිනා සම්පතක් ලෙස මෙම ඉන්දියානු තොරතුරු සම්පත් පියස හඳුන්වා දිය හැක.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම්. මුසම්මිල් මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතිරා.එස් (Dr. Athira S) මහත්මිය, බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් ගජේන්ද්‍රන් කුමාර් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *