සියඹලාණ්ඩුව බස්නැවතුම් පොළ විවෘත කිරීම
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ලක්ෂ 120ක මුදලක් වැයකර ඉදිකල සියඹලාණ්ඩුව බස්නැවතුම් පොළ විවෘත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 2017.06.26 වන දින සිදුවිය.
මෙම අවස්ථාවට තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිණී සුමේධා ජී ජයසේන, පළාත් අමාත්‍ය කුමාරසිරි රත්නායක, පළාත් මන්ත්‍රී සම්පත් ජයසූරිය ඇතුළු පිරිසක් එක්විය.