මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකල ප්‍රථම ආදාහනාගාරය විවෘත කිරීම
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකල ප්‍රථම ආදාහනාගාරය විවෘත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 2017.06.27 වන දින වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ දී සිදුවිය.
මෙම නව ආදාහනාගාරය ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 200ක මුදලක් වැය කර තිබේ.
මෙම අවස්ථාවට ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ.පී. ජගත් පුෂ්පකුමාර, පළාත් සභා මන්ත්‍රී විමල් ගලගම ආරච්චි, පළාත් සභා මන්ත්‍රී රෝයි කාලිංග ඇතුළු පිරිසක් එක්විය.