“පිවිතුරු පුරවර” ජාතික කසළ කළමනාකරණ වැඩසටහන
2023-2029 “පිවිතුරු පුරවර” ජාතික කසළ කළමනාකරණ වැඩසටහන යටතේ ඌව පළාතේ පළාත් පාලන ආයතන වල නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ සභා ලේකම්වරුන් දැනුවත් කිරිමේ වැඩමුළුවක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදි අද (06) දින පැවැත්විය.
පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය පිළිබදව පැවති වැඩමුළුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් බලගල්ල මහතා, ඌව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා , පළාත් පාලන කොමසාරිස් කීර්ති දිසානායක මහතා ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගි විය.









