බදුල්ල ධර්මදූත විද්‍යාලයේ නව ක්‍රීඩා පිටිය සදහා මුල් ගල් තැබීම
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය ප්‍රදේශ වල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සදහා දොරගුළු විවර කිරීමේ අරමුණ ඇතිව ක්‍රීඩා හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ රුපියල් ලක්ෂ 765 ක වියදමින් ඉදිකරන බදුල්ල ධර්මදූත විද්‍යාලයේ නව ක්‍රීඩා පිටිය සදහා මුල් ගල් තැබීම අද (10) දින පෙරවරුවේ සිදුවිය.
මෙම අවස්ථාවට ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා, ඇතුලු ආරාධිත අමුත්තන්, විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුලු ආචාර්ය මණ්ඩලය, ආදී සිසුන්, සිසුදරුවන් ඇතුලු පිරිසක් සහභාගී විය.









