ක්‍රීඩා වර්ණ ප්‍රධාන රාත්‍රිය – 2017

2017 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉන් ජයග්‍රාහණයන් ලබාගනිමින් ඌව පළාතට කීර්තියක් අත්කරදුන් පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 දෙනෙකු ඇගයීමට ලක්කල “ක්‍රීඩා වර්ණ ප්‍රධානය” බදුල්ල හෙරිටේජ් හෝටලයේදී පැවැත්විය.
ඌවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2017 ජාතික මහා ක්‍රිඩා උළෙලට සහභාගී වී රන් පදක්කම් 14ක් රිදී පදක්කම් 19ක් හා ලෝකඩ පදක්කම් 33ක් ලබාගෙන තිබෙන බව ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා ගීතා නන්දනී පතිරණවසම් මහතිමිය පැවසීය.
ක්‍රීඩා තරගාවලියට සහභාගී වී විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රිඩක ක්‍රීඩිකාවන් ද මෙහිදී ඇගයීමට ලක්විය.
ක්‍රීඩා වර්ණ ප්‍රධාන රාත්‍රියට සහභාගී වූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ තිස් හතක මුදල් ත්‍යාග හා කුසලාන,පදක්කම් සහ සහතිකපත් ද ප්‍රධානය කිරීම සිදුවිය.
රන් පදක්කම් ලාභියකුට රුපියල් ලක්ෂයක්,රිදී පදක්කම් ලාභියකුට පනස් දහසක් සහ ලෝකඩ පදක්කම් ලාභියෙකුට විසිපන්දහස බැගින් මුදල් තෑගි ප්‍රධානය කෙරිණ.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී රැකව,ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක,පළාත් ක්‍රීඩා අමාත්‍ය සාලිය සුමේධ යන මහත්වරුන් ඇතුළු පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වූහ.
පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හදවලපිටිය මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂිකා ගීතා නන්දනී පතිරණවසම් මහත්මිය ඇතුළු නිලධාරින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *