මිලියන 20ක වියදමින් ඔරුබැදිවැව විද්‍යාලයට නව පාසල් ගොඩනැගිල්ලක්

මහියංගන අධ්‍යාපන කලාපයට අයත් ඔරුබැදිවැව මධ්‍ය මහා විද්‍යාලයේ අලූතින් ඉදිකල දෙමහල් පාසල් ගොඩනැගිල්ල හා දන්ත සායන ඒකකය විවෘත්ත කිරීම ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් පසුගියදා සිදුවිය.
පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා “හොදම පාසල ලගම පාසල” ව්‍යාපෘතිය යටතේ ඌව පළාත් සභාව රුපියල් මිලියන 20 ක මුදලක් හා දන්ත සායන ඒකකය සදහා ලක්ෂ 10ක මුදලක් වැයකර ඇත.

එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට හට මෙතෙක් පාසල් ගොඩනැගිල්ලක් නොමැතිවීමෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට පත්ව සිටි අතර ඊට පිළියමක් ලෙස මෙම ගොඩනැගිල්ල පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිකරදී ඇත.
ප‍්‍රදේශයේ පාසල් ළමුන්ගේ මුඛ සෞඛ්‍ය රැකගැනීම සදහා ද මෙතෙක් දන්ත සායන ඒකකයක් නොතිබුණ අතර එය විවෘත කිරීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවන් සඳහා පළාත් සභා මන්ත‍්‍රී හා මහියංගන එක්සත් ජාතික පක්ෂ සංවිධායක උපාලි සේනාරත්න, මහියංගන නිදහස් පක්ෂ සංවිධායක කේ.පී. ගුණවර්ධන ඇතුලූ ප‍්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් හා නිලධාරින්, දෙමාපියන් විශාල පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *