2018 වසරේ අ.පො.ස උසස්පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 109 දෙනෙකුට මුදල් ශිෂ්‍යත්ව ලබාදීම

2018 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයෙන් අති විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 109 දෙනෙකුට මුදල් ශිෂ්‍යත්ව ලබාදීමේ උත්සවයක් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (19) දින පැවැත්විණි.
පසුගිය වසර තුනක කාලයක් තුළදී විශ්වවිද්‍යල අධ්‍යපනය හදාරමින් සිටින 300කට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රුපියල් කෝටි හතරක ශිෂ්‍යත්ව ලබාදී ඇත.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයෙන් විද්‍යා, ගණිත, කළා, වාණිජ්‍ය, ඉංජිනේරු තාක්ෂණ හා ජෛව තාක්ෂණ විෂය ධාරාවන්ගෙන් අති විශිෂ්ඨ ලෙස සමත්ව විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන්ට වාර්ෂිකව රුපියල් 10000ක් බැගින් මුදල් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම පළාත් සභාව මගින් වාර්ෂිකව සිදුකරයි.
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ සදහා වාර්ෂිකව රුපියල් මිලියන පනහක පමණ මුදලක් වැය කරනු ලබයි.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා ආණ්ඩුකාර ලේකම් තිස්ස හාතියාදෙනිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වළ මහත්මිය ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *