පළාත්ර රාජ්‍ය සාහිත්‍ය උළෙලේ කෙටි චිත්‍රපට හා චිත්‍ර තරගාවලියේ සම්මාන හා සහතිකපත් ප්‍රධානෝත්සවය
ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව පැවැත්වූ කෙටි චිත්‍රපට හා චිත්‍ර තරගාවලියේ සම්මාන හා සහතිකපත් ප්‍රධානෝත්සවය ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්යය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම උත්සව අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් එම්.එල්. ගම්මන්පිල මහතා, ඌව පළාත් අධ්‍යාපන ලේකම් නිහල් ගුණරත්න මහතා, ඌව පළාත් ආණ්ඩුකාර ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගිවිය.










