2016 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් විශිෂ්ටයින් ඇගයීම

ඌව පළාතේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් 2016 වසරේදී අති විශීෂ්ට ලෙස සමත් සිසු සිසුවියන් හා ඊට මගපෙන්වු විදුහල්පතිවරුන් ඇගයිමට ලක් කර රුපියල් මිලියන 16ක් වටිනා ජංගම පරිගණක ප්‍රධානය කිරීමේ උත්සවයක් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
2016 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයෙන් අති විශීෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 276 දෙනෙකුට ජංගම පරිගණක ප්‍රධානය කළ අතර ඊට මගපෙන්වු විදුහල්පතිවරුන් ඇගයිමට ලක්කරමින් පදකකම් පැලදවීම හා සහතිකපත් ප්‍රධානය කිරීම මෙහිදි සිදුවිය.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 16ක් වැයකර ජංගම පරිගණක මිලට ගෙන සිසු සිසුවියන්ට බෙදාදුන් අතර ග්‍රාම සංවර්ධන නිළධාරීන්28 දෙනෙකුටද ජංගම පරිගණක බෙදාදීම මෙහිදී සිදුවිය.
ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ,ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා ඇතුලු ආරාධිතයින් පිරිසක් මෙම උක්සවයට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *