ඇල්ල ප්‍රාදේශීය සභාවට මිලියන 60ක වියදමින් නව ගොඩනැගිල්ලක්

පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව පළාත් සභාවේ රුපියල් මිලියන 60 මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද ඇල්ල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් අද (21) දින සිදුවිය.

ඇල්ල ප්‍රාදේශීය සභාව මෙතෙක් කාලයක් පැරණි කුඩා ගොඩනැගිල්ලක අඩුපාඩුකම් රැසක් මත පවත්වාගෙන ගිය අතර මෙම නව ගොඩනැගිල්ල නවීන අයුරින් සියඵ උපකරණ සහිතව ලැබීමත් සමග ප්‍රදේශයේ ජනතාවට සිදුකරන සේවාවන් කාර්යක්ෂමව කිරීම සදහා අවස්ථාව උදාවී ඇත.

මෙම අවස්ථාවට පළාත් සභාවේ විපක්ෂනායක ර.මු. රත්නායක සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *