පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ප්‍රමිති තත්ත්ව පාලන රසායනාගාරය විවෘත කිරීම

ඌව පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලද ප්‍රමිති තත්ත්ව පාලන
රසායනාගාරය විවෘත කිරීම ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 22 දින සිදුවිය.

පලාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, යුරෝපානු සංගම‍ෙය්(EU) මූල්‍යමය අනුග්‍රහය ඇතිව
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනයේ පළාත් පාලන ආයතන වල
ධාරිතා වර්ධනය කිරීමේ (CDLG) ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 20 වැයකරමින් ඉදිකරන ලද
මෙම ප්‍රමිති තත්ව පාලන රසායනාගාරය, දිවයිනේ පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාලයක
ස්ථාපිත කළ ප්‍රථම ප්‍රමිති තත්ත්ව පාලන රසායනාගාරය වීම විශේෂත්වයකි.

පළාතේ ඉදිකිරීම් ඇතුළු සංවර්ධන වැඩසටහන්වලදී ප්‍රමිතිය පරීක්ෂා කර ගැනීම සඳහා
රජයේ අංශයට මෙන්ම පුද්ගලික අංශයට ද මෙම රසායනාගාරයෙන් සේවාවන් ලබාගත හැක.
ඒ තුලින් පළාතේ ඉදිකිරීම් ප්‍රමිතිය තහවුරු කිරීම ප්‍රධාන අරමුණ වේ.

මෙම අවස්ථාවට සියලුම ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න,
ඌව පළාත් පාලන අමත්‍යාංශ ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් පාලන කොමසාරිස් සහ
ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක ඇතුළු නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ
(CDLG) ව්‍යාපෘතියේ කළමණාකරු ජෝර්ජ් වෝල්ටන් මහතා, CDLG/UNDP ව්‍යාපෘති සම්බන්ධීකාරක
සිහාන් සරූක් මහතා ඇතුළු UNDP ආයතනයේ නිලධාරීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *