ඇල්ල ප්‍රදේශයට මිලියන 30ක වියදමින් නව බහුකාර්ය ගොඩනැගිල්ලක්

පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව පළාත් සභාවේ රුපියල් මිලියන 30 මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත් නව බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 2018.02.23 දින සිදුවිය.

ඇල්ල ප්‍රදේශයට අඩුපාඩුවක්ව පැවති මෙම නව බහුකාර්ය ගොඩනැගිල්ල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා ඌව පළාත් සභාව රුපියල් මිලියන 30 ක මුදලක් වැය කර තිබේ.

ඇල්ල ප්‍රදේශයේ ජනතාවට මෙතෙක් කාලයක් රැස්වීම් පැවැත්වීම ඇතුළු පොදු කටයුතු හා පෞද්ගලික කටයුතු සිදුකරගෙනයාම සදහා ගොඩනැගිල්ලක් නොතිබීම හේතුවෙන් ඔවුන් නොයෙක් අපහසුතාවන්ට පත්ව සිට ඇති අතර මෙම නව බහුකාර්ය ගොඩනැගිල්ල ලැබීමත් සමග ඔවුන්ගේ පොදු හා පෞද්ගලික කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිව ඇත.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයින්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඇතුළු විශාල පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *