කෘෂිකර්ම ලේකම්වරුන්ගේ සමුළුව 2018

ශ්‍රී ලංකාවේ සියළුම පළාත් නියෝජනය කරන කෘෂිකර්ම ලේකම්වරුන්ගේ සමුළුවක් පෙබරවාරි 22 හා 23 දෙදින ඔහිය ඌව පළාත් කළමණාකරන සංවර්ධන පුහුණු ආයතනයේදී පැවැත්විය.

සියළුම පළාත්වල කෘෂිකර්මාණ්තය හා ඊට අනුබද්ධ අංශවල වැඩි අභිවෘද්ධියක් ඇතිකර ආහාර නිෂ්පාදනය වැඩිකර එහි සුරක්ෂිතතාවය ඇතිකිරීම හා දේශීය නිෂ්පාදනවලට වැඩි අවස්ථා සලසාදීමේ අරමුණින් ලේකම්වරුන්ගේ සම්මේලනය පවත්වන ලදි.

මෙම සමුළුවේදී පළාත් මට්ටමින් විසදාගතයුතු ගැටළු සහ ඉදිරියේදී කෘෂිකර්මාණ්තය දියුනු කිරීම වෙනුවෙන් සිදුකිරීමට නියමිත සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබදව මෙහිදී සාකච්ඡා කර පළාත් අතර කෘෂිකර්මාණ්තයේ ඒකාබද්ධතාවයක් ඇතිකරගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *