ආයුර්වේද විද්වත් කතිකාවත සහ අධ්‍යාපනික හා වෙළෙද ප්‍රදර්ශනය – 2017

ඌව පළාතේ ආයුර්වේද විද්වත් කතිකාවත සහ අධ්‍යාපනික හා වෙළෙද ප්‍රදර්ශනය බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී 2017 11 20 දින පැවැත්විය.
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම වැඩසටහන මගින් ඌව පළාතේ ආයුර්වේද වෙදකමට තැනක් ලබාදී දේශීය වෙදකම මුළු රටටම හදුන්වාදීම මෙහි මූලික අරමුණ වී තිබේ.
මෙහිදී ‘’නව ළොවට වෙද දැනුම’’ නමින් ප්‍රදර්ශණය පැවැත්වෙන අතර සම්මන්ත්‍රණ, ආයුර්වේද කතිකාවත් ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වේ. මෙය නැරඹීමට පාසල් දරුවන්, පළාතේ ආයුර්වෙද වෙද මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.
ඌව පළාත් ආණ්ඩුකාරවර එම්.පී. ජයසිංහ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හා පළාත් සෞඛ්‍ය අමාත්‍ය අනුර විදානගමගේ යන මහත්වරුන් අතින් මෙම ප්‍රදර්ශණය විවෘත කිරීම සිදුවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *