නව අංග සම්පූර්ණ ගිලන්රථ ප්‍රදානය

බදුල්ල දිස්ත්රිරක්කයේ ජනතාවට සපයනු ලබන රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් කාර්යක්ෂමව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව රෝහල් 5ක් සඳහා නව අංග සම්පූර්ණ ගිලන් ප්රුධානය කිරීම අද (11) දින බදුල්ල ප්රාීදේශීය සෞඛ්යය සේවා අධ්යනක්ෂ කාර්යාල පරිශ්රමයේ දී සිදුවිය.

මෙහිදී ලුණුගල, වැලිමඩ, බණ්ඩාරවෙළ, කොස්ලන්ද සහ දියතලාව යන රෝහල් සදහා ගිලන්රථ බෙදාදීම සිදුවූ අතර මේ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 181.5 කි. ඒ අතරින් ගිලන් රථ 5 සඳහා රුපියල් මිලියන 123.9 ක් ද, ඒ සඳහා අවශ්ය අතිනවීන වෛද්යක උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 57.6 ක් ද වැය කර ඇත.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර, වැවලි හා ප්රයජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්යාඅරත්න, තරුණ කටයුතු නියෝජ්යී අමාත්යය දිනිඳු සමන් හෙන්නායක, බදුල්ල දිස්ත්රි්ක් පාර්ලිමේන්තු මන්ත්රීි රවීන්ද්රත බණ්ඩාර යන මහත්වරුන් හා ඌව පළාතේ ප්රමධාන ලේකම් අනුෂා ගෝකුළ ප්රරනාන්දු මහත්මිය, ඌව පළාත් සෞඛ්ය ලේකම්තුමා, බදුල්ල ප්රාරදේශීය සෞඛ්යැ සේවා අධ්ය ක්ෂතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගිවිය,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *