බදුල්ල සෞඛ්‍ය ආයතත ප්‍රධානීන් හා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා අතර හමුවක්

බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතත ප්‍රධානීන් අතර හමුවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවනාගාරයේදී අද (12) පස්වරුවේ පැවැත්විය.

මෙහිදී දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන වල හා නිලධාරින්ට ඇති ගැටළු හා ඒවාට විසදුම් ලබාදීම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජීවන්ත හේරත්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු සෞඛ්‍ය ආයතත ප්‍රධානීන් පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *