දිවියට සුවයක්-දහමට සවියක්
දිවියට සුවයක්-දහමට සවියක් මහා සංඝරත්නය ඇතුළු සියළු ආගමික පුජකතුමන්ලාගේ කායික හා මානසික සුවතාවය උදෙසා පැවැත්වන විශේෂ වෛද්‍ය සායනය බදුල්ල මුතියංගන රාජමහා විහාරයේදි අද 22 දින දවස පුරා පැවැත්විය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය, බදුල්ල දිස්ත්‍රික් ජාතික භික්ෂු පෙරමුණ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඌව පළාත් සභාව එක්ව මෙම වැඩ සටහන පවත්වන ලදී.
බදුල්ල දිස්ත්‍රක්කයේ මහා සංඝරත්නය ඇතුළු අන්‍යආගමික පුජකතුමන්ලා විශාල පිරිසක් පැමිණ මෙම වෛද්‍ය සායනයට සහභාගිවිය.
මෙහිදී දන්ත, අක්ෂි, ආයුර්වේද ,කායික රෝග ඇතුලු සියලුම රෝග සදහා සායන පැවැත්විය.
මෙම අවස්ථාවට ඌව ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා, ප්‍රජා වතු වැවලි කටයුතු ඇමති සමන්ත විද්‍යාරත්න, තරුණ කටයුතු ඇමති දිනිදු සමන් හෙන්නායක, බුද්ධ ශාසන නියොජ්‍ය ඇමති ගමගෙදර දිසානායක ඇතුලු දේශපාලන අධිකාරිය, ඌව ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගිවිය.
බදුල්ල මුතියංගන රාජමහා විහාරයේ විහාරාධිකාරි මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විශේෂ වෛද්‍ය සායනය පැවැත්විය.






