ශිෂ්‍යධාර පිරිණැමිම
සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම හා ණය දෙන සමිතියේ (EDCS) බදුල්ල දිස්ත්‍රික් සාමාජික පවුල්වල පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දූ දරුවන් සඳහා ශිෂ්‍යධාර පිරිණැමිමේ උත්සවයක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදි 24 දින පැවැත්විය.
සාමාජිකයන් 12,400 දෙනකුගෙන් සමන්විත බදුල්ල දිස්ත්‍රික් අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම හා ණය දෙන සමිතියේ සාමාජික පවුල්වල ඉකුත් 2025 වර්ෂයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දූ දරුවන් 227 දෙනකුට මෙහිදී ශිෂ්‍යාධාර පිරිණැමුණ අතර ඊට අමතරව ඔවුන් උදෙසා ළමා ඉතුරුම් පොත් ලබා දීමද සිදුවිය.
සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම්කම හා ණය දෙන සමිතියේ ඌව පළාත් අධ්‍යක්ෂ නිමල් ආරියවංශ මහතාගේ මූලිකත්වයෙන් එම සමිතියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් මෙම ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය පැවැත්විය.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි රවින්ද්‍ර බංඩාර, බදුල්ල පුරපති නන්දන හපුගොඩ, හාලිඇල ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රියන්ත වර්ෂමාන මහතා ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.






