“ඌව පළාත් සභාවේ තාවකාලික,අනියම්,(දෛනික) ආදේශක,කොන්ත්‍රාත්,සහන පදනම මත සේවයට බදවාගෙන සිටි සේවකයින් 143කට ස්ථිර පත්විම්”

2026 අයවැය අනුව රාජ්‍ය අංශයේ ආයතන සදහා තාවකාලික,අනියම්,(දෛනික) ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බදවාගෙන සිටි සේවකයින් 143කට ස්ථිර පත්විම් ලිපි

ලබාදීම පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේදි අද (25) දින සවස සිදුවිය.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 11/2026 ප්‍රකාරව ඌව පළාත් රාජ්‍ය සේවයේ නියුතු සේවකයින්ට පත්විම් ලිපි ප්‍රධානය සිදුවිය.

ස්ථිර පත්විම් ලැබු සේවකයින් වැඩි පිරිසක් පසුගිය රජයන් මගින් ලබාදුන් පත්විම් ස්ථිර නොකිරිම නිසා වසර 5-16 අතර කාලයක් තිස්සේ දැඩි පීඩනයකට පත්ව සිට ඇති බව කියයි.

වත්මන් රජය ගෙන යන වැඩ පිළිබදව සතුටු වන බවත් රජයට උපරිම සහයෝගය දෙන බවද පත්විම් ලැබු සේවකයින් අදහස් දක්වමින් පවසා සිටියහ.

මෙම පත්විම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඌව ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා, වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු දේශපාලන අධිකාරිය, ඌව ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගිවිය.

ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) හේමන්ත දිසානායක මහතා ඇතුලු නිළධාරින් විසින් මෙම පත්විම් ප්‍රධානය සංවිධානය කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *