104 වන ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීමට සමගාමීව ඌව පළාත් සමූපකාර සමිති කාර්ය සාධන උළෙල හා ඇගයීම “සමූප අභිමානී 2026” උත්සවය ඌව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් හා සම්බන්ධීකරණයෙන් අද දින බදුල්ල සයිමන් පීරිස් ශාලාවේදී ඌව පළාතේ ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් හා ඌව පළාත් සමූපකාරිකයින්ගේ සහභාගිත්වයෙන් අභිමානවත් ලෙස පැවැත්විණි. මේ සඳහා දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ සමුපකාර සමිති සාමාජිකයින් සහභාගී විය. මෙහිදි ඌව පළාතේ සමුපකාර සමිති සහ සේවකයින් ඇඟයීම, ඌව පළාතේ සමූපකාර සමිති මගින් හඳුනාගත් ව්‍යවසායකයින් සඳහා අරමුදල් සැපයීම සිදු කරන ලදි.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා.වෙළෙද හා පාරිභෝගික කටයුතු නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන මහතා ඇතුලු දේශපාලන අධිකාරිය,පළාත් සභාවේ නිළධාරින් ඇතුළු පිරිසක් එක්විය.
ඌව පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමිති රෙජිස්ට්‍රාර් ජේ.ඒ.එස්.පී ජයසිංහ මහතා ඇතුලු නිළධාරින් උත්සවය සංවිධානය කර තිබිණ,
See less
