2017 අ.පො.ස උසස්පෙළ විභාගයෙන් අති විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 120 දෙනෙකුට මුදල් ශිෂ්‍යත්ව ලබාදීම
ඌව පළාතේ අතිදුෂ්කර පාසල්වලට රුපියල් මිලියන 42ක් වටිනා පරිගණක 350ක් බෙදාදීම හා 2017 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයෙන් අති විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 120 දෙනෙකුට විශ්වවිද්‍යල අධ්‍යපනය හැදැරීමට මුදල් ශිෂ්‍යත්ව ලබාදීම, එම පාසල් වල විදුහල්පතිවරුන් ඇගයිමේ උත්සවයක් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2018.09.24 දින පැවැත්විය.
පළාතේ අතිදුෂ්කර පරිගණක නොමති පාසල් 250කට රුපියල් එක්ලක්ෂ විසිදහසක් වටිනා පරිගණක 350ක් විදුහල්පතිවරුන්ට බෙදාදීම සහ විශ්ව විද්‍යාල වරම් ලැබූ විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන්ට වාර්ෂිකව රුපියල් 10000ක් බැගින් මුදල් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමද මෙහිදී සිදුවිය.
විශ්ව විද්‍යාල වරම් ලැබූ අති විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් නියෝජනය කළ පාසල් වල විදුහල්පතිවරුන් ඇගයිමට ලක්කර ඔවුන්ට පදක්කම් ප්‍රධානය කිරිමද මෙහිදී සිදුවිය.
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ සදහා මුදල් වැය කර තිබේ.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී රැකව, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ මහත්මිය ඇතුලු නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගිවිය.
