ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර දස දහසක් ලබාදීමේ උත්සවය
ඌව වෙල්ලස්සේ ඉඩමක අයිතිය නොමැති ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර දස දහසක් ලබාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයක් මත පළාත් ඉඩම් අමාත්‍යාංශය මෙම උත්සවය සංවිධානය කර තිබේ.
වෙල්ලස්ස ජනතාවගෙන් අඩකට තම ඉඩම්වලට නීත්‍යානුකූල අයිතිය තහවුරු වන ලියවිල්ලක් මෙතෙක් නොතිබු නිසා තමා භූක්ති විදින ඉඩමට නීත්‍යානුකූල ඔප්පුවක් ලබාදීමට ඌව පළාත් සභාව කටයුතු කර තිබේ.
වෙල්ලස්සේ කැරැල්ලට වසර 200ක් පිරීම නිමිතිකරගෙන ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට මුහුණදුන් අපගේ වීර මුතුන් මිත්තන්ගේ දරුමුණුබුරන් වන වත්මන් ඌව වෙල්ලස්සේ උදාරවන්ත ජනතාව වෙත විදේශිකයින්ගේ බලපෑම් නිසා අහිමිවී ගිය ඉඩම් වලට ස්ථිර ඔප්පු ලබාදීම මෙහිදී සිදුකෙරේ.