ඌව පළාත් ගුරු සේවයට නව පත්වීම් 143ක්
ඌව පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවට විසදුමක් ලෙස නව උපාධිධාරීන් හා දෑ අවුරුදු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 143 දෙනෙකු සදහා පත්වීම් ප්‍රධානය කිරීම අද (09) දින ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ හා ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මෙම පත්වීම් ප්‍රධානයේදී දෑ අවුරුදු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 34කට, ගණකාධිකාරීවරුන් 31 දෙනෙකුට, විද්‍යා උපාධි 72 හා ශාරීරික අධ්‍යාපන 06 දෙනෙකුට පත්වීම් ලබාදීම සිදුවිය.
පළාතේ දුෂ්කර පාසල් වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සදහා පත්වීම් ලැබූ ගුරුවරුන් යොදවා ඇති අතර ඔවුන් එම දුෂ්කර හා අතිදුෂ්කර පාසැල්වල වසර පහක කාලයක් අනිවාර්යය සේවය කල යුතු වේ.
2016 වසරේ සිට මේ වනවිට ඌව පළාත් සභාවේ පාසල් වලට ගුරුවරුන්,අනධ්‍යන කාර්යය මණ්ඩලය ඇතුළු අමාත්‍යංශ දෙපාර්තමේන්තු සහ ආයතන වලට නව පත්වීම් 3000ක් පමණ ලබාදී තිබෙන අතර එයින් කාර්‍යක්ෂම සේවයක් ජනතාවට ලබාදීමට පළාත් සභාව කටයුතුකර තිබේ.
මෙම පත්වීම් ප්‍රධානය කිරීමේ අවස්ථාවට පළාත් සභාවේ අමාත්‍යවරුන්, මන්ත්‍රීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.