බදුල්ල – චෙන්කල්අඩි ඒ5 මාර්ගය කාපට් අතුරා සංවර්ධනය
ඌව පළාතේ පැරණිම මාර්ගය වන බදුල්ල – චෙන්කල්අඩි ඒ5 මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ඉදිකිරීම් කටයුතු 2017.02.19වන දින පෙරවරුවේ බදුල්ල බන්ධනාගාරය අසලින් ආරම්භ විය.
බදුල්ල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 143ක දුරක් මංතීරු දෙකක් ලෙස මාර්ගය ඉදිකිරීමට ඇමරිකානුඩොලර් මිලියන 130ක මුදලක් වැයවේ.
බදුල්ල සිට බිබිල දක්වා කිලෝමීටර් 60ක දුරක් ඉදිකිරීමට අන්තර් ජාතික සංවර්ධන සදහා වන ඔපෙක් අරමුදල යටතේ ණය මුදලක් ලෙස ඇමරිකානුඩොලර් මිලියන 60ක් හා බිබිල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 83 ක දුර ඉදිකිරීමට සදහා සවුදි අරමුදල් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 60ක් වැය කරන අතර ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර මාර්ගය මැනීම් හා අත් පත්කර ගැනීම් ඇතුළු සංවර්ධන කටයුතු ඉටු කරනු ලබයි.
වැඩ ආරම්භ කර වසර තුනක් ඇතුලත දී මාර්ගයේ වැඩ නිමකිරීමට මහා මාර්ග අමාත්‍යාංශය කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදුලිසංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු පළාත්සභා මැති ඇමතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් ඇතුළු විශාල පිරිසක් සහභාගිවිය.