ක්‍රීඩා උත්සවයේ ශුරතාවය බණ්ඩාරවෙළ මහ නගර සභාවට

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ දෙපාර්තමේන්තු අතර ප්‍රථම වරට සංවිධානය කර පැවැත්වු ක්‍රීඩා උත්සවයේ ශුරතාවය ලකුණු 111ක් ලබාගත් බණ්ඩාරවෙළ මහ නගරසභාවට හිමිවු අතර අනුශුරතාවය ලකුණු 76ක් ලබාගත් බදුල්ල මහ නගරසභාවට හිමිවිය.
ප්‍රධාන අමාත්‍යාංශය යටතේ තිබෙන අධ්‍යාපන කලාප කාර්යාල දහයක්,පළාත් පාලන ආයතන 28ක් සහ තවත් දෙපාර්තමේන්තු කිහිපයක් නියෝජනය කරමින් ක්‍රිඩක කිඩිකාවන් 1500ක් පමණ දෙනා මෙම ක්‍රීඩා තරගාවලියට සහභාගි විය.
සමස්ථ තරගාවලියේ ජයග්‍රහකයින්ට හා රාජ්‍ය ආයතන වලට ජය සංකේත ප්‍රධානය ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා අතින් සහ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වෙල මහත්මිය අතින් සිදුවිය.
බදුල්ල වින්සන්ටිඩයස් ක්‍රීඩාංගනයේදී උත්සවය පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *