මොණරාගල පාසල් හා ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා උපකරණ හා ග්‍රාමීය කර්මාන්තකරුවන් සදහා ස්වයං රැකියා උපකරණ










ඌව පළාතේ පාසල් හා ක්‍රීඩා සමාජ සදහා රුපියල් මිලියන 12ක ක්‍රීඩා උපකරණ බෙදාදීමේ දෙවන අදියර ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 40කට හා ක්‍රීඩා සමාජ 79කට ක්‍රීඩා උපකරණ ලබාදීමේ උත්සවයක් පසුගියදා මොණරාගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම උත්සවයට සමගාමිව ඌව පළාත් කර්මාණ්ත දෙපාර්තමේන්තුව විසින් 50%ක මූල්‍ය දායකත්වය මත ස්වයං රැකියා උපකරණ බෙදා දීමක්ද සිදුවිය.
ඌව පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උපාලි ජයසේකර මහතා සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් මත නිළධාරීන් සංවිධානය කළ උපකරණ බෙදාදීමේ උත්සවයට ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂීත හා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.