ඌවේ නව ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව පළාතට ආණ්ඩුකාරවර තනතුර සදහා පත්කළ ජේ.එම්. කපිල ජයසේකර මහතා සිය තනතුරේ වැඩ බාරගැනීම සැප්තැම්බර් 26 දින උදේ පළාත් සභා කාර්යාලයේදි සිදුවිය.
ආණ්ඩුකාරවරයා උදේ 8.30 ට පළාත් සභාවට පැමිණ ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනයෙන් පසුව සිය කාර්යාලයට ගොස් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය තනතුරේ වැඩ බාර ගැනීම සිදුවිය.

ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරවර කාර්යාලයේදි සිය තනතුරේ වැඩ බාරගැනීමේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න මහතා, ජාතික ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් නායක ආර්.එම්. ජයවර්ධන මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිළධාරීන් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *