ජන සහන ජංගම සේවය – මහියංගනය

ඌව පළාත් සභාව ගමට ගොස් ජනතා ප්‍රශ්න විසදීම සදහා “ඌව වෙල්ලස්ස ජන සහන” නමින් පැවැත් වු තෙවන ජංගම සේවය මහියංගනයේදී ඊයේ (24) පැවැත්විය.

පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ සංකල්පක් මත ආරම්භ කළ “ජන සහන” ‌ජංගම සේවය මහියංගනය ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පවත්වා ජනතාවගේ ප්‍රශ්න හා ගැටළු සදහා විසදුම් ලබාදීම එහිදි සිදුවිය.

ඊට අමතරව පාසල් ළමුන් සදහා ශිෂ්‍යත්ව ලබාදීම, ඉඩම් ඔප්පු ලබාදීම, ස්ව්‍යංරැකියා ආධාර ලබාදීම, ආබාධිතයින්ට උපකරණ ප්‍රධානය කිරීමද මෙහිදි සිදුවිය.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ජනාධිපති ජේෂ්ඨ උපදේශක අනුර විදානගමගේ හා ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම ඇතුළු නිලධාරින් පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *