දෙමෝදර සව්දම් දෙමළ මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම

දෙමෝදර සව්දම් දෙමළ මහා විද්‍යාලයේ දී අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.02.28 වන දින සිදුවිය.

එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට දීර්ඝ කාලයක් සිට පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට පත්ව සිටි අතර ඊට පිළියමක් ලෙස ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 15.3ක මුදලක් වැයකර මෙම ගොඩනැගිල්ල ඉදි කර දී ඇත.

මෙම අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ද්‍යා අඹන්වල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *