2021 සා/පෙළ ප්‍රථිපල වලින් පළාතේ මුල් තැන තණමල්විල කළාපයට

2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ  වලින් ඌව පළාතේ අධ්‍යාපන කළාප කාර්යාල දහය අතරින් තණමල්විල අධ්‍යාපන කළාපය ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර බණ්ඩාරවෙළ කළාපය දෙවන ස්ථානයටත් වැලිමඩ කළාපය තෙවන ස්ථානයටත් පත්ව තිබෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක මහතා පැවසීය.

තණමල්විල කළාපයේ පාසල් වලින් විභාගයට ඉදිරිපත්වු දරුවන් 1314 දෙනාගෙන් 1081කට  උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර 229 දෙනෙකු විභාගය අසමත්ව ඇත.දෙවන ස්ථානයට පත් බණ්ඩාරවෙළ කළාපයෙන් විභාගයට ඉදිරිපත්වු දරුවන් 3628 දෙනාගෙන් 2814කට  උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර 814 දෙනෙකු විභාගය අසමත්ව ඇත.තෙවන ස්ථානයට පත් වැලිමඩ කළාපයෙන් විභාගයට ඉදිරිපත්වු දරුවන් 2748 දෙනාගෙන් 2042 කට උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර 706 දෙනෙකු විභාගය අසමත්ව ඇත.

සිව්වන ස්ථානයට පත්වු බදුල්ල කළාපයෙන් විභාගයට ඉදිරිපත්වු දරුවන් 2910 දෙනාගෙන් 2156 කට  උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර 754 දෙනෙකු විභාගය අසමත්ව ඇත. පස්වන ස්ථානයට පත් බිබිල  කළාපයෙන් විභාගයට ඉදිරිපත්වු දරුවන් 1918 දෙනාගෙන් 1419 කට  උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර 499 දෙනෙකු විභාගය අසමත්ව ඇත.හයවන ස්ථානයට පත්වු වියලුව කළාපයෙන් විභාගයට ඉදිරිපත්වු දරුවන් 924 දෙනාගෙන් 660 කට  උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර 264 දෙනෙකු විභාගය අසමත්ව ඇත. හත්වන ස්ථානයට පත්වු වැල්ලවාය කළාපයෙන් විභාගයට ඉදිරිපත්වු දරුවන් 1841 දෙනාගෙන් 1311කට  උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර530 දෙනෙකු විභාගය අසමත්ව ඇත. අටවන ස්ථානයට පත්වු මොණරාගල කළාපයෙන් විභාගයට ඉදිරිපත්වු දරුවන් 2400 දෙනාගෙන් 1654 කට  උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර 746 දෙනෙකු විභාගය අසමත්ව ඇත. නව වන ස්ථානයට පත්වු මහියංගන කළාපයෙන් විභාගයට ඉදිරිපත්වු දරුවන් 2075 දෙනාගෙන් 1389 කට  උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර 686 දෙනෙකු විභාගය අසමත්ව ඇත. දසවන ස්ථානයට පත්වු පස්සර කළාපයෙන් විභාගයට ඉදිරිපත්වු දරුවන් 1143දෙනාගෙන් 726 කට  උසස් පෙළ වරම් ලැබි තිබෙන අතර 417දෙනෙකු විභාගය අසමත්ව ඇත.

2021 වසරරේදි ඌව පළාතේ දරුවන් 20901 දෙනෙකු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට දිරිපත්ව එයින් 15252 දෙනෙකු උසස් පෙළ වරමි ලබා තිබෙන අතර 5645 දෙනෙකු විභාගය අසමත්ව ඇති බවත් සමස්ථ දරවන්ගෙන් සියයට 72.97ක විභාගය සමත් ප්‍රතිශතයක් ඌවට හිමිව තිබෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.

ඌව පළාතේ පාසල් අතරින්  බදුල්ල මහා විද්‍යාලය සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵළ ලබා ගෙන ඓතිහාසික ජයග්‍රහනයක් ලබාගෙන තිබෙන බවද අධ්‍යක්ෂවරයා පැවසීය. 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *