මහජන පුස්තකාල අතර පැවති ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය

ඌව පළාතේ පළාත් පාලන මහජන පුස්තකාල අතර පැවති ඵලදායිතා තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය හා පළාතේ පාසල් දරුවන්ගේ චිත්‍ර හා ඡයාරූප ප්‍රදර්ශණයක් පසුගියදා ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවත්විය.

පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් පළාත් පාලන ආයතන පුස්තකාල වල ඵලදායිතාවය නැංවිමේ අරමුණින් තරගාවලියක් පවත්වා ඉන් ජයග්‍රහණය කළ පුස්තකාල සදහා සම්මාන හා සහතිකපත් ප්‍රධානය කිරීම සිදුවිය.

ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සදහා ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. ගලගමආරච්චි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) එම්.ඊ. සුමිත්‍රා ද සිල්ව, පළාත් පාලන කොමසාරිස් එම්.එම්. විජේනායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ කේ.එම්. අසිත සඳරුවන් ජයසූරිය ඇතුළු නිලධාරින් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *