ඌව පළාතට ගුරු පත්වීම් 600ක්

ජාතික ශික්ෂන විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ ජාතික වැඩ සටහනට සමගාමීව ඌව පළාතට ගුරුවරුන් බදවා ගැනීමේ පත්වීම් ලිපි 600ක් ප්‍රධානය 16 දින බදුල්ල පුරහලේදි පැවැත්විය.

          ඌව පළාතේ තිබෙන පළාත් සභා පාසල් 896න් දුෂ්කර හා අති දුෂ්කර පාසල් සදහා මෙම ගුරුවරුන් 600 දෙනා අනුයුක්ත කර තිබෙන අතර වසර පහක කාලයක් එම පාසලේ සේවය කිරීම අනිවාර්ය්‍ය කර තිබේ.

         මේ යටතේ බදවා ගන්නා ගුරුවරුන් සිංහල හා දමිල පාසල්වල ප්‍රාථමික, විද්‍යා, ගණිත,ඉංග්‍රීසි,කෘෂිකර්මය,බද්ධාගම,ස්ලාම්,හින්දු, ක්‍රිස්ත්‍රියානි, නාට්‍ය,විශේෂ අධ්‍යාපනය,තොරතුරු තාක්ෂණය,චිත්‍ර, දෙවන භාෂාව ඇතුළු විෂයන් සදහා පත්වීම් ලැබු ගුරුවරුන් පාසල් වලට අනුයුක්ත කර තිබේ.

          ගුරුවරුන් බදවාගන්නා වැඩ සටහනේ ජාතික උත්සවය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදි සිදුවු අතර ඌව පළාතේ ප්‍රධාන උත්සවය පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුරහලේදි සිදුවු අතර මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක, නාගරික සංවර්ධන රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ ඇතුලු පිරිස සමග පළත් සභාවේ නිළධාරීන් සහභාගි විය,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *