ඌව පළාත් සභාවේ ආයතන රැසකට පත් කළ නව ආයතන ප්‍රධානීන්ට පත්වීම් ලිපි ප්‍රධානය කිරීම ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවනාගාරයේදි
අද 30 දින සිදුවිය.
පළාත් සභාවේ වයස අවුරුදු හැට සපුරා විශ්‍රාම ලැබු නිළධාරීන් වෙනුවට නව නිළධාරීන් පත් කළ අතර ආයතන කිහිපයක ප්‍රධානීන්ට මාරුවීම් ලබාදීමද මෙහිදි සිදුවිය. පත්වීම් ප්‍රධානය සදහා පළාත් ප්‍රදාන ලේකම් පී.බී විජේරත්න මහතා සමග ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති මහත්මියද එක්විය.
පළාත් කෘෂිකර්ම ලේකම් තිස්ස හාතියල්දෙනිය මහතා විශ්‍රාම යෑමෙන් සිදුවු පුරප්පාඩුවට ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ගාමිණි මහින්දපාල ජොපියස් මහතා පත් කර ඇත. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්. රත්නායක මහතා විශ්‍රාම යෑමෙන් සිදුවු පුරප්පාඩුවට වැලිමඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා, පළාත් කර්මාණ්ත අධ්‍යක්ෂ ලෙස කටයුතු කල ජීවන්ත හේරත් මහතා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්, ඌව පළාත් සභාවේ අය වැය අධ්‍යක්ෂක ලෙස කටයුතු කල එස්. ජයසිංහ මහතා පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ, පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එම්. සේනාධීර මහතා අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, පළාත් ගොඩනැගිලි ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කල ටී. ගංගානන්ද මහතා ඌව පළාත් ගොඩනැගිලි අධ්‍යක්ෂ, බදුල්ල මහ නගර සභාවේ ගණකාධිකාරි සමන්ත කිත්සිරි මහතා ඌව පළාත් සභාවේ අය වැය අධ්‍යක්ෂ,වියළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රනසිංහ මහතා පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කල සරීනා බෙගම් මහත්මිය වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,බණ්ඩාරවෙල කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. විමලවීර මහත්මිය වියළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,බදුල්ල කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සාරංගි හෙට්ටිආරච්චි මහත්මිය බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,පළාත් පරිවාස කොමසාරිස් ලෙස කටයුතු කල සම්පත් නිශ්ශංක මහතා පළාත් කර්මාණ්ත අධ්‍යක්ෂ,පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් එන්. චතුරංගනී මහත්මිය පළාත් පරිවාස කොමසාරිස්,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂ ටී. සම්පත් මහතා එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එම්. දයාරත්න මහතා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ,ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ලේකම් පී. කුමාර මහතා මොණරාගල සහකාර පළාත් පාලන කොමසාරිස් ලෙසද පත්වීම් ප්‍රධානය සිදුවිය.