විදුහල්පති පත්වීම් 451ක් ප්‍රධානය කෙරේ

ඌව පළාතේ දුෂ්කර හා අති දුෂ්කර පාසල් සදහා පත් කිරීමට විදුහල්පති III වන ශ්‍රේණියට බදවා ගැනීමේ තරග විභාගයෙන් සමත් වු ගුරුවරුන්ට නව විදුහල්පති පත්වීම් ලිපි 451ක් ප්‍රධානය කිරීම 06 දින බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි සිදුවිය.

පළාතේ පාසල් වල සේවය කළ වැඩ බලන විදුහල්පතිවරුන්‍ හා ගුරුවරුන් විදුහල්පති තරග විභාගයට ඉදිරිපත්ව එයින් තේරි පත්වු සිංහල මාධ්‍ය 363ක් සහ දමිල මාධ්‍ය 88 දෙ‍නෙකුට විදුහල්පති තනතුරේ පත්වීම් ලිපි ප්‍රධානය කිරීම මෙහිදි සිදුවිය.

ඌව පළාතේ ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා‍ගේ ප්‍රධානත්ව‍ෙන් පැවති පත්වීම් ලිපි ප්‍රධානයට කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක, අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද කුමාර්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය, පළාත් ප්‍රධාන ‍ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

ඌව පළාත් අධ්‍යාපන ලේකම් ගාමිණි  මහින්දපාල ජෝපියස් මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *