සියඹළාණ්ඩුව පල්ලේවෙළ මහ විද්‍යාලයේ ගුරු හිගයට පළාත් ආණ්ඩුකාරගෙන් විසදුම්
සියඹළාණ්ඩුව පල්ලේවෙළ මහ විද්‍යාලයේ පවතින උග්‍ර ගුරු හිගයට විසදුම් ලබාදීමට ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා එම පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
පාසලේ දරුවන්ගේ දෙමාපියන් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේ දරුවන්ට ඉගැන්වීමට අත්‍යාවශ්‍ය වන සංයුත්ත ගණිතය, රසායන විද්‍යාව, භුගෝල විද්‍යාව, සංගීතය, කෘෂි විද්‍යාව, ආහාර තාක්ෂණය, දෙමළ විෂය, පුස්තකාල ගුරු, පුස්තකාල සේවක, සිංහල භාෂාව සහ ගණිත විෂය ඇතුලු ගුරුවරුන් පාසලට නොමැතිවීම නිසා ඉගැන්වීම් කටයුතු සියල්ල නැවතී තිබෙන බව කියමින් දෙමාපියන් පළාත් ආණ්ඩුකාරතුමන් හමුවට පැමිණි පසු ආණ්ඩුකාරතුමන් එම පාසලට ගොස් අත්‍යාවශ්‍ය ගුරුවරුන් සතියක් තුළ පාසලට ලබා දෙන ලෙස අධ්‍යාපන බළධාරීන්ට නියෝග කළාය.
ගුරුවරුන්ගේ නවාතැන් පහසුකම් සදහා පාසලේ අබලන්ව තිබෙන ගුරු නිවාස අළුත්වැඩියා කිරීමට මුදල් වෙන්කිරීමට ද එහිදි ආණ්ඩුකාරතුමන් තීරණය කළාය.



