ඌව පළාත් පුස්තකාලය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහා නායක හිමිපාණන් වහන්සේ නමින් නම් කෙරේ.

ඌව පළාත් පුස්තකාලය, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහා නායක හිමිපාණන් වහන්සේ නමින් නම් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 දින සිදුවිය. සමරු ඵලකය නිරාවරණය කර පුස්තකාලය අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහා නායක හිමිපාණන් වහන්සේ නමින් නම් කිරීමේ පුවරුව විවෘත කළ ජනාධිපතිතුමා පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩසටහන ද විවෘත කරනු ලැබීය. පුස්තකාලයේ පළමු සාමාජික කාඩ්පත් කිහිපය පිළිගැන්වීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. “ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩල” ග්‍රන්ථය සහ අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහා නායක හිමිපාණන් වහන්සේ පිළිබද සම්පාදනය කරන ලද සීඩී පටයක් ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති මානෙල් රත්නායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *