ඌව පළාත් සභාවෙන් ඉඩම් බලපත්‍ර 10731ක්

ඌව පළාතේ රජයේ හෝ සින්නක්කර ඉඩමක අයිතිය හෝ උරුමය නොමැති පුද්ගලයින් සදහා ඉඩම් බලපත්‍ර 10731ක් ලබාදීමේ වැඩ සටහනක් ඌව පළාත් සභාව ආරම්භ කර තිබේ.

එම වැඩ සටහනට සමගාමිව රිදිමාලියද්ද,මහියංගන,සොරණාතොට,මීගහකිවුල,කන්දකැටිය සහ බදුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලින් වලින් තොරාගත් ඉඩමක අයිතිය හෝ උරුමය නොමැති පුද්ගලයින්1841දෙනෙකුට ඉඩම් ඔප්පු ලබාදිම අද 19 දින රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාවේදි සහ මීගහකිවුල ජාතික පාසලේදි සිදුවිය.

මේ අනුව රිදිමාලියද්ද 744,මහියංගන 451,සොරණාතොට 246,මීගහකිවුල 229,කන්දකැටිය 141 සහ බදුල්ල 30ක් සදහා ඉඩම් ඔප්පු ප්‍රධානය සිදුවු අතර ඉදිරියේදි අනෙකුත් ප්‍රදේශවලදි ඔප්පු ප්‍රධානය සිදුකිරිමට නියමිතව ඇත.

ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතාගේ උපදෙස් හා සහභාගිත්වයෙන් ඌව පළාත් ඉඩම් කොමසාරිස් විජිතා මායාදුන්න මහත්මිය ඇතුලු නිළධාරින් විසින් සංවිධානයකර තිබු ඉඩම් ඔප්පු බෙදාදීම සදහා වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා,ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමති අරවින්ද සෙනරත්,තරුණ කටයුතුනියෝජ්‍ය ඇමති දිනිදු සමන් හෙන්නායක,බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි සුදත් බලගල්ල ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් ඇතුලු දේශපාලන අධිකාරිය,පළාත් ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්නිහාල් ගුණරත්න මහතා,බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුලු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිළධාරින් විශාල පිරිසක් හා ඔප්පු ලාභින් සහභාගිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *