ඌව මහා ශ්‍රම මෙහෙයුම
ලස්සන ඌවක් නිර්මාණය කිරිමේ අරමුණ පෙරදැරිව පුනරුද ගමනට සවියක් වනු පිණිස ලෝක පරිසර දිනයට සමගාමිව පවත්වන ලද “ඌවේ මහා ශ්‍රම මෙහෙයුමේ ජයග්‍රහක ප්‍රජාව සදහා රුපියල් මිලියන 141ක සංවර්ධන ව්‍යපෘති,සහතික හා සමරුතිලිණ ප්‍රදානය කිරිම අද බදුල්ල පුරහලේදි සිදුවිය
පසුගිය ජුනි 05 දින ඌව පළාත පුරා රාජ්‍ය නිළධාරින් හා ප්‍රජාව 130986කගේ සහභාගිත්වයෙන් ශ්‍රම මෙහෙයුම් 2122ක් පවත්වා රුපියල් මිලියන 168ක ශ්‍රමවටිනාමක් ලබාගෙන ඇත,දවස පුරා රාජ්‍ය ආයතන, දේශපාලන අධිකාරිය, පාසල්, පෙරපාසල්,පෞගලික අංශය,වෙළෙද ප්‍රජාව හා ප්‍රජා සංවිධාන එක්ව ශ්‍රම මෙහෙයුම පවත්වා පරිසරය,නගරය,පාසල,රෝහල,රාජකාරි ස්ථානය, කාර්යාල භුමිය ඇතුලු ප්‍රදේශවල අපවිත්‍ර ස්ථාන පවිත්‍ර කර තිබේ,
දිනක් තුල පැවැත්වු සමස්ථ ශ්‍රම මෙහෙයුමේ පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානයට තේරි පත්වු ඇල්ල-68 බී ග්‍රාම නිළධාරි වසමට රුපියල් ලක්ෂ 100ක්,දෙවන ස්ථානයට පත්වු මීගහකිවුල මොරහෙළ-21 ග්‍රාම නිළධාරිවසමට රුපියල් ලක්ෂ 75ක් සහ තෙවන ස්ථානයට පත්වු බිබිල පිටකුඹුර- 101ඒ ග්‍රාම නිළධාරි වසමට රුපියල් ලක්ෂ 50 ක ව්‍යපෘති,සහතික හා සමරු තිළිණ ප්‍රධානය සිදුවිය.
දිස්ත්‍රික්ක හා ප්‍රාදේශිය මට්ටමින් පැවැත්වු හොදම ශ්‍රමදාන සදහා සංවර්ධන ව්‍යපෘති සහතික හා සමරු තිළිණ ප්‍රධානය සිදුවු අතර පළාතේ ග්‍රාමසේවා වසම් 63ක් සදහා රුපියල් මිලියන 141ක සංවර්ධනව්‍යපෘති ලබාදීම මෙහිදි සිදුවිය.
ඌව ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතාගේ සහ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් හා සංකල්පයන් මත ක්‍රියාත්මක කළ “ඌවේ මහා ශ්‍රම මෙහෙයුමේ ජයග්‍රහක ප්‍රජාව හා රාජ්‍ය ආයතන සදහා ව්‍යපෘති,සහතික හා සමරුතිලිණ ප්‍රදානය කිරිමේ උත්සවයට වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු දේශපාලනඅධිකාරිය,පළාත් සභාවේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිළධාරින්,ප්‍රාදේශිය සභා හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිළධාරින් මෙම අවස්ථාවට සහභාගි විය.
මෙම උත්සවය ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) නිමල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරින් විසින් සංවිධානය කරන ලදී.











