ඌවේ ක්‍රීඩා සමාජවලට සහ පාසල් වලට ලක්ෂ 120ක ක්‍රීඩා උපකරණ

ඌව පළාතේ ලියාපදිංචි ක්‍රිඩා සමාජවලට සහ තෝරාගත් පාසල් සදහා රුපියල් ලක්ෂ 120ක මුදලක් වැයකර ක්‍රීඩා උපකරණ බෙදාදීම පසුගියදා බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි සිදුවිය.

පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මත වසර පහකට පසු ඌව පළාතේ ක්‍රීඩා සමාජ 300කට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හැටකට අවශ්‍යව තිබු අත්පන්දු හා නෙට්, දැල්පන්දු හා නෙට්, පාපන්දු හා නෙටි, ක්‍රිකට් උපකරණ, ඇතුළු ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම මෙහිදි සිදුවිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ කළාප කාර්යාල දහයකින් තොරාගත් පාසල් හැටකට එක් පාසලකට රුපියල් 50000ක ක්‍රීඩා උපකරණ බැගින් බෙදාදීම මෙහිදි සිදුවිය.

ඌව පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් මත නිළධාරීන්
සංවිධානය කළ උපකරණ බෙදාදීමේ උත්සවයට ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර,වැවලි කටයුතු ඇමති සමන්ත විද්‍යාරත්න, පාර්ලිමෙන්තු මන්ත්‍රි
සුදත් බලගල්ල සහ ඌව අධ්‍යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *