2026 ඌව පළාත් පාසල් ක්‍රීඩා උළෙල

2026 ඌව පළාත් පාසල් ක්රීරඩා උළෙලේ සමාප්ති උත්සවය ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් බදුල්ල වින්සන්ඩයස් ක්‍රීඩාංගනයේදී ඊයේ (04) දින පැවැත්විය.

තරගාවලියේ සමස්ථ කලාප ශුරතාවය ලකුණු 698.5ක් ලබාගත් වැලිමඩ කළාපයටත්,අනුශුරතාවය ලකුණු 532.5ක් ලබාගත් බදුල්ල කළාපයටත් හිමිවු අතර ලකුණු 496.5ක් ලබාගත් බණ්ඩාරවෙල කළාපයට තුන්වන ස්ථානය හිමිවිය.

සමස්ථ කොට්ඨාශ ශුරතාවය ලකුණු 503.5ක් ලබාගත් බදුල්ල කොට්ඨාශටත්, අනුශුරතාවය ලකුණු 377ක් ලබාගත් බණ්ඩාරවෙල කොට්ඨාශයටත් හිමිවු අතර ලකුණු 365ක් ලබාගත් ඌවපරණගම කොට්ඨාශයට තුන්වන ස්ථානය හිමිවිය.

තරගාවලියේ ‍හොදම ක්රීිඩිකාව හා ක්රීලඩකයා ලෙස මොණරාගල රාජකීය විද්යා්ලයේ ආර්.එස්. රෂ්මි ප්රාබෝධ්යා ක්රීකඩිකාව හා බදුල්ල ධර්මදූත විද්යාගලයේ එම්.එච්.එම්.සෆාස් ක්රී.ඩකයා තේරීපත් විය.

මෙම අවස්ථාවට බදුල්ල මහ නගරසභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා, පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා, පළාත් අධ්යාදපන අධ්ය ක්ෂක තුමිය ඇතුළු පළාත් අධ්යාවපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කලාප හා කොට්ඨාස අධ්යා පන අධ්යතක්ෂකවරුන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, ක්රීකඩා පුහුණුකරුවන්, දෙමාපියන් සහ ඌව පළාතේ පාසල් රැසක් නියෝජනය කරමින් ක්රීපඩක ක්රීවඩිකාවන් විශාල පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *