ඌව පළාතේ 12 වන ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ බාරගැනීම
ඌව පළාතේ 12 වන ආණ්ඩුකාරවරයා ලෙස අභිනවයෙන් තේරීපත්වු නීතිඥ රාජා කොල්ලුරේ මහතා
සිය ධුරයේ වැඩ බාරගැනීම 2019.11.25 වන දින පෙරවරුවේ බදුල්ල නගරයේ පිහිටි පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී
සිදුවිය.
ඌව ආණ්ඩුකාරවර ලේකම් තිස්ස හාතියල්දෙනිය මහතා ඇතුලු නිළධාරීන් උත්සවය සංවිධානය කර
තිබු අතර මේ අවස්ථාවට ඌව හිටපු ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා ඇතුල හිටපු අමාත්‍යවරුන්
මන්ත්‍රවරුන්,නගරාධිපතිවරුන්,සභාපතිවරුන් සහ පළාතේ රාජ්‍ය ආයතන වල නිළධාරීන් එක්ව සිටියහ.