ශිල්ප අභිමානී 2025 පළාත් පේෂ කර්මාන්ත හා හස්ත කර්මාන්ත සම්මාන ප්‍රධානය
ඌව පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ “ඌව ශිල්ප අභිමානි” සම්මාන හා ත්‍යාග ප්‍රධානෝත්සවය ඌව පළාත් ආණ්ඩුකාර ජේ.එම්. කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
මෙහිදි ඌව පළාතේ විසිරි සිටින නිර්මාණකරුවන් විශාල පිරිසක් අතරින් තරඟ පවත්වා ජය ලැබු ශිල්පාභිමානී හස්ත කර්මාන්තකරුවන්ට හා රන්සළු පේෂ කර්මාන්තකරුවන්, බතික් නිර්මාණකරුවන් 401 දෙනෙකු සදහා සම්මාන, සහතික හා මුදල් තෑගි ප්‍රධානය කිරීම සිදුවිය.
පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි ජයසේකර මහතා හා පළාත් කර්මාණ්ත අධ්‍යක්ෂ එච්.පී.ඒ.ජී. අනුරුද්ධ මහතා ඇතුළු නිලධාරින් හා ජාතික ශිල්ප සභාව එක්ව සංවිධානය කර තිබූ මෙම උත්සවය සඳහා ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය, ජාතික ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.එම්.ජී. කමල් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් හා කර්මාන්තකරුවන් විශාල පිරිසක් සහභාගි විය.














